දැන් දර්ශනය රෑගත කරන්න සියල්ල සූදානම්. 'ඇක්ෂන්!'
‘තාත්තට කොහොමද නංගි?’ දොරකඩ ළඟ ඉන්න අක්කා නවක නිළියගෙන් අහනවා.
එකපාරටම අර නවක නිළිය හිනාවෙවී ‘හි... හි... හි... තාත්තා නැතිවුණා අක්කේ’ කිව්වලු. අධ්‍යක්ෂකට පැන්නෙ මල්වල හොඳම එකලු. ‘ඔයා සීන් එක කෑවනෙ නංගි. තාත්තා මළා කියලා හිනාවෙවීද කියන්නෙ?’
‘අනේ අයියේ... අපිට ඇක්ටින් උගන්නපු ක්ලාස් එකේ අර අක්කා අපට නිතරම කියන්නෙ දෙබස් කියන්න කළින් හිනාවෙන්න කියලා. එතකොට ආටිස්ට රිලැක්ස් වෙනවලු.’
හි හි හි... හෙල්ලෝ
ෂූටිං අතරතුර සිදුවන රස කතාබස් අමතක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඒත් දැන් දැන් තරගකාරීත්වය නිසා එවැනි විනෝද වීමේ අවස්ථා කලා ශිල්පීන්ට ලැබෙන්නෙ බොහොම කලාතුරකින්.
ඔන්න පහුගිය දවසක ටෙලිනාට්‍ය දර්ශන තලයක විවේකීව එකතු වුණ වෙලාවක, ඒගොල්ලන්ගෙ මාතෘකාව වුණේ සමහර නළු නිළියො ඒ අයට එන කෝල්වලට ප්‍රතිචාර දක්වන හැටි. ‘අපෝ මට නම් අරයට කෝල් එකක් ගත්තම හිනා යනවා එයා උත්තර දෙන විදිහට...’
‘ඇයි මොනවද කියන්නෙ...’
‘එයාට කෝල් එකක් ආපු වෙලාවක කරන්නෙ ‘හි හි හි හෙල්ලෝ හෙල්ලෝ’ කියන එක. හිනා යන්නෙ නැද්ද මචං?’
‘අපෝ ඇත්ත තමයි. ඇයි අරයා එයාට කෝල් එකක් ආපු ගමන්ම කියන්නෙ ‘ඊයා ඊයා’ කියලා. නොදන්න මනුස්සයෙක් හිතන්නෙ මිනිහා ජරා ගොඩක් පාගලා කියලා.’
‘ඇයි අපේ බුවා. එයාට කෝල් එකක් ආව ගමන්ම කියන්නෙ ‘ආ කියන්න කියන්න’ කියලා. දවසක් එයාට කතා කරපු ඩිරෙක්ටර් කෙනෙක් හොඳ දෙකක් කියලලු.’