දරැවොත් එක්ක බස්වල ගිහිනුත් හමාරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-13-ent-79දරැවොත් එක්ක එකට වාඩිවෙලා බලන්න බැරි නිසා පවුල් පිටින් ශාලාවලට ගොස් චිත්‍රපට නැරඹීමේ සංස්කෘතියත් නැතිවෙලා ගියා. ටීවීවල යන වැඩසටහන් හා ටෙලිනාට්‍ය පවුලේ අයත් සමඟ එකට ඉඳගෙන බලන්න බැරි නිසා ලංකාවෙ චයිනීස් හෝටල් වැඩිවෙලා තියෙනවා කියලා කවුදෝ කෙනෙක් පහුගිය දවසක කිව්වා. මොකද ළමයි ටීවීවලින් ඈත් කරන්න වැඩිහිටියො දරැවොත් එක්ක පිටින් කෑම කන ප්‍රමාණය වැඩිවෙලාලු.

ඒ කෙසේ වෙතත් දැන් අලුත්ම ලෙඩේ බෝවෙලා තියෙන්නෙ පෞද්ගලික බස්වලටලු. කාලෙක ඉඳන් බස්වල දාන DVD අමාරැවෙන් අහගෙන බලාගෙන ගිය මිනිස්සුන්ට දැන් අලුත් අකරතැබ්බයකට මූණදෙන්න වෙලා.

සමහර බස්වල දැන් දාන්නෙ අමු තිත්ත කුණුහරැප ගීත. බිරියත් සමඟ යහන්ගතවෙලා දරැවෙක් ලැබෙන්න ඕන හැටි විස්තර කරන අලුත් සිංහල ගීතයක් අහගන්න බැරැව අම්මා කෙනෙක් තමන්ගෙ දුවලා දෙන්නත් එක්ක කොළඹ දෙසට එන AC බස් එකකින් බැහැලා ගියා.

මේ අශිෂ්ට ප්‍රවණතාවයට වගකිවයුත්තෝ කවුරැන්දැයි සොයා බලා අදාළ බලධාරීන් ක්‍රියා නොකළහොත් මෙය කොහෙන් කොහාට ගොස් නතරවේදැයි කියන්න බැහැ.

 

DESHAYA