තුන්දෙනා කව්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-07-ent-01ආණ්ඩුවෙ ඉන්න "අත" පාටියෙ ලැයිස්තුවෙන් පත්වෙච්ච දෙතුන් දෙනෙක් අයින්වෙලා අලුත් මුහුණු ගණනක් එනවය කියන ආරංචිය ගියාම සමහරැ මේකෙ අගමුල හොයන්න පටන් අරන්ලු.

හැමෝම අහන්නෙ යන තුන්දෙනා කව්ද, එන තුන්දෙනා කව්ද කියලයි...

ආණ්ඩුකාර පට්ටමක් අරන් අස්වෙන්න හදන රාජ්‍ය ඇමැති සයිස් මහත්තයා ශ්‍රී ලංකා එකේ ඉන්න සුළු ජාතික නායකයෙක්ද කියලා හුඟදෙනෙක් අහනවලු...
ඊළඟට යන්න ඉන්න කෙනා ජය-තිලකයක් බඳු තරැණයෙක් කියල සමහරැන්ට සැකයිලු. තුන්වැනියත් සුළු ජාතිකලු. උතුරෙන් ආව කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා කියනවා... ඉතින් මේ අය ගියාම වාසනාව පෑදෙන්නෙ කාටද කියන එකයි ප්‍රශ්නෙ...

වයඹ පැත්තෙන් මතුවුණ ශාන්ත දාන්ත තරැණ නායකයෙක් එක වාසනාවන්තයෙක් කියලා සමහරැ කියනවා. ඊළඟට ගිය ආණ්ඩුවෙ ආරස්සක වැඩ භාරව හිටපු ප්‍රබල චරිතයක් ගැනයි කියන්නෙ... හැබැයි උන්නැහේ තවම මේ කතාව හරිහැටි දන්නෙ නැහැ කියලත් ආරංචියි. වමේ ලොතරුයියෙ තුන්වැනි වාසනාවන්තය තාම කරළියට ගෙනල්ලා නැතිලු...

කොහොම හරි මේ කතාබහ අතරෙ අලි පාටියෙ පසුපෙළ ඉන්න හිතේ කහට තියන මන්තිරි ගොල්ලට පාටි පිට පාටිවලට ආරාධනා ලැබෙන්න පටන් අරන් කියලා කියනවා... ඒවා තියෙන්නෙ දුකට පත් අය සනසන්නලු. 

 

DESHAYA