තැපෑලෙන් ගුටිකෑම
ඔන්න දර්ශන තලවලට ඇවිත් අපූරැ ආගිය කතා කියන ප්‍රවීණ නළුවෙක් පහුගිය දවසක තරැණ නවක නළු නිළි පිරිසට මරැ කතාවක් කියලා තියෙනවා. තරැණ ළමුන්ගෙ අතේ ජංගම දුරකතන තියෙනවා දැකලයි මිනිහට ඒ කතාව මතක්වෙලා තියෙන්නෙ.
"නංගිලා මල්ලිලා කිව්වොත් පුදුම වෙයි. මීට අවුරැදු 40කට විතර කළින් ඔය මොබයිල් ෆෝන් වසංගතය තිබුණෙ නෑ. එහෙමත් ගෙදරක තමයි ලෑණ්ඩ් ෆෝන් එකක් තිබුණෙ. අත්‍යවශ්‍යයම කාරණේකට කෝල් එකක් ගන්න ඕනවුණාම අපි යන්නෙ තැපැල් කාර්යාලයට..." ඔහු කියාගෙන යනවා.
"ඉතින්... ඉතින්..."
"ඉතින් ඒ කාලෙ මම තරැණ ගෑනු ළමයෙක් එක්ක හාදකමක් තිබුණා. අපි ඉතින් ඉඳලා හිටලා හම්බවෙලා බස් එකේ අන්තිම සීට් එකේ වාඩිවෙලා කතා කරකර යනවා. ඊට එහා කිසිම වැරදි වැඩක් කරන්නෙ නැහැ..."
"ඉතින්..."
"ඔන්න ඔහොම යනකොට කවුරැ හරි කෙල්ලගෙ නෑදෑකෙනෙක් දැක්කම, කෙල්ල එයාගෙ අම්මගෙන් ගුටි කන්නෙ සතියකට පස්සෙ..." "ඒ මොකෝ ඒ..."
"මම කිව්වෙ ඒ කාලෙ අද වගේ ජංගම දුරකතන පහසුකම් තිබුණෙ නැහැනෙ. තිබුණනම් ෆෝන් එකෙන් ජෝඩුවගෙ ෆොටෝ එකක් අරගෙන අම්මට වට්ස්අප්, වයිබර් කරයි. එදා එහෙම අපි දෙන්නා එකට යනවා දැක්කම කෙල්ලගෙ අම්මට කවුරැහරි යවන්නෙ ඒ ගැන සඳහන් කරලා ලියුමක්. ලියුම අම්මට ලැබෙන්න සතියක් විතර යනවා. ඒකට ඒ කාලෙ අපි කිව්වෙ තැපෑලෙන් ගුටි කනවා කියලා."