ත්‍රීවිල් මෝහිනී…
පහුගිය දවසක අලුත් චිත්‍රපටයකට තිරපිටපතක් හදාගෙන යන්න රචකයො දෙතුන් දෙනෙක් එකතු වුණාලු. සාමාන්‍යයෙන් උදේ පටන්ගත්තම රූ 7 වෙද්දි දවසෙ වැඩ ඉවර කරනවලු. ඒත් හරියට මේ කියන දවසෙ වැඩේ පොඩ්ඩක් ඇදිලා ගොඩක් රෑ වෙලා. මේ කණ්ඩායමේ එක්කෙනෙක් ඉන්නෙ ටිකක් දුර. එයාට යන්න වෙනම ත්‍රීවිල් එකක් ප්‍රසිද්ධ ආයතනයකින් බුක් කරලා. මේ ගේ තියෙන්නෙ හරියටම කනත්තට අල්ලපු ඉඩමක. ඉතින් ත්‍රීවිල් රියදුරුට තැන හොයාගන්න එක අමාරුත් නැහැනෙ.
‘මහත්තයා කොහාටද එන්න ඕනෙ,’ ත්‍රීවිල් රියදුරු අර ලේඛකයගෙන් ඇහුවලු.
‘කනත්තට අල්ලපු ඉඩමෙ තියෙන අඹ ගහත් එක්ක කොළ පාට ගේට්ටුව තියෙන ගෙදරට එන්නකො...’ ඔහු කිව්වෙ තරමක් සැකයෙන්.
‘මචං ඒ මනුස්සයගෙ කටහඬ හරියට ගෑනියෙක්ගෙ වගේ...’ ඔහු වෙලාව බැලුවා. රෑ 12ත් පහුවෙලා.
ත්‍රීවිල් එක ආවා. ඔහු නැඟලා ටික දුරක් යනකොට කකුල් දෙක ගැහෙන්න අරන්. ත්‍රීවිල් එක එලවන්නෙ ගෑනු කෙනෙක්. අහන්න විදිහකුත් නැහැ. කිසිම කතාබහක් නැතුව ගේ ළඟට ඇවිත් සල්ලි දීලා වේගෙන් ගෙට ඇතුළු වුණාලු. මිනිහා හරියට හුස්ම අරගෙන තියෙන්නෙ ඊටපස්සෙ.