තවත් පාගමනක්
පාගමනට සෙනඟ ගේන්න පොරොන්දු වෙච්ච පොදු විපක්ෂයෙ සමහරැ පොරොන්දු කඩ කළා කියල කුනු කුනු කතා යනවලු.
අපි අච්චර ගේනව මෙච්චර ගේනව කියල පම්පෝරි ගහපු සමහරැ ගෙනාවෙ කිව්ව ගණනෙන් පහෙන් එකලු.. ඒ නිසාලු අන්තිම දවසෙ කොළඹට ගේනවය කීව දස ලක්ෂය ගේන්න බැරි වුණේ.
ඔය වගේ හුටපටත් පාගමනෙ ගියපු සමහර තරැණ දේසපාලන පොරවල් කියපු සටන් පාඨ නටපු නැටුම් ආදිය නිසාත් ජනතාවගෙන් ලැබුන්න තිබුණ ලකුණු අඩුවුණා කියල තවත් ජ්‍යෙෂ්ඨ පොරවල් දෙකතුනක් අප්සෙට්ලු. කොහොමහරි මොනව වුණත් අවුරැදු පතා මේ විදියට පාගමනක් යන්න ඕනය කියලලු අන්තිම යෝජනාව ඇවිත් තියෙන්නෙ.