තව බෝතල් ඔයාට එවන්නම්
තරුණ රංගන ශිල්පියෙක් මෑතකදී අලුත් පෙමක පැටලිලා. කෙල්ල හැම ක්ෂේත්‍රයක් ගැනම හොඳින් දැනුම්වත්ලු.
කොල්ලත් කෙල්ලට පණ වගේ. කිසි දෙයක් හංගන්නෙ නැහැ. කොටින්ම කියනවනම් කොල්ලගෙ ජංගම දුරකථනයත්, ඒ දෙන්න මුණගැහෙන වෙලාවලදී තියෙන්නෙ කෙල්ලගෙ අතේ.
ඔන්න දවසක් කොල්ලගෙ ෆෝන් එක කෙල්ලගෙ අතේ තිබුණ වෙලාවක ඔහුට එස්.එම්.එස්. පණිවිඩයක් එනවලු මෙහෙම කියලා, පිටරට නොම්මරයකින්.
“මල්ලි මම එවපු බෝතලේ ලැබුණද? මම තව බෝතල් වගයක් හෙට අනිද්දට එවන්නම්.’’
කෙල්ලට ඒක ලොකු ගැටලුවක්. “ඔයා බොන්නෙත් නැහැයි කියනවා. ඒත් යස අගේට යාළුවො ඔයාට බෝතල් එවනවා. අනේ මම ඔයාව හරියට තේරැම් අරගෙන නැද්ද මන්දා?” කෙල්ල කිව්වලු.
“අනේ ඔයා ඕකට කලබල වෙන්න එපා. ඒ සිංගප්පූරැවෙ ඉන්න මගේ හොඳ යාළුවෙක්. මම පාවිච්චි කරන සුවඳ විලවුන් බ්‍රෑන්ඩ් එකේ ඔරිජිනල් එක තියෙන්නෙ එහෙ. ඉඳලා හිටලා ලංකාවට කවුරුහරි එන වෙලාවක මට ඒ සුවඳ විලවුන් බෝතලයක් එවනවා. ඔයා හිතන විදිහෙ බොන බෝතල් නෙවෙයි.” ඔහු කිව්වලු.