තරගය හොඳයි, ඒත්..



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-01-ent-121දිස්ත්‍රික්ක රුසකට බලපා ඇති මහා ගංවතුරෙන් පීඩාවට පත්වූ දස දහස් ගණනකට සහන සැලසීම සඳහා රටේ විවිධ පුද්ගලයින්, ආයතන ඉදිරිපත් වෙනවා.

මේ අතර විශාල තරගයක් දෙමින් සහන සේවාවන් සැපයීමට මේ රටේ විද්‍යුත් මාධ්‍ය ජාල රුසක්ද ඉදිරිපත් වෙලා තිබෙනවා. වැඩේ නම් හොඳයි, විද්‍යුත් මාධ්‍යජාල නිසා විපතට පත් වූවන් වෙනුවෙන් අධාර විශාල ප්‍රමාණයක් එකතුකර ගන්න පුළුවන් වගේම ඒවා නිසිපරිදි බෙදාහැරීමකුත් ‍වෙනවා. ඒත් බොහෝ මාධ්‍ය ජාල මේ දේ කරන්නේ ප්‍රදර්ශනයක ස්වභාවයකින් කියලයි බොහෝ අයට හිතෙන්නෙ.

ඒත් ඒ තරගකාරී ස්වභාවය තුළත් අප දුටු හොඳ දෙයක් ගැන කීමටයි මේ සටහන තබන්නෙ. ස්වාධීන රෑපවාහිනී සේවයේ (ITN) නාලිකාවේ ආදර්ශමත් වැඩක් අපි දැක්කා.

ITN එක කිව්වෙ මෙහෙමයි. "පීඩාවට පත්වෙලා සිටින දහස් සංඛ්‍යාත පවුල් වෙනුවෙන් අපි ආරම්භ කළ මේ සහන සැපයීමේ වැඩපිළිවෙළට අපේ ආයතනයට ලබාදීමට නොහැකි නම්, අපි වගේම මේ රටේ අනෙකුත් මාධ්‍ය ආයතන විසින් සංවිධානය කරන මේ සද්කාරයට ඔබත් දායක වෙන්න. ඔබට පහසුනම් එම ආයතනවලට වුණත් ඔබේ ආධාර බාරදී අපේම රටේ ජනතාවට යම් සහනයක් ලබාදෙමු." නෙත් FM ද මෙවැනිම ආදර්ශමත් ක්‍රියාවක යෙදුණා.

 

DESHAYA