තනි කකුලෙන් බෝල්
ඔන්න මෑතක තිබුණා ක්‍රිකට් තරගයක්. ඔය කියන අයි.සී.සී. තරගාවලිය නෙවෙයි. මේකට සම්බන්ධ වුණේ ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ නළු නිළියන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් දෙකක්.
කොළඹින් බැහැරව පැවැත්වුණු මේ තරගය නරඹන්නත් කට්ටිය ඇවිත් හිටියා. කෑකෝගසන රසික රසිකාවියන් මැද තරගයත් ගලාගෙන ගියා.
එකපාරටම පන්දු යවමින් සිටි එක්තරා නළුවෙකුට පාදයේ කෙණ්ඩ පෙරළීමක් සිද්ධ වුණා. ඔහුගේ පිලේ හොඳ පන්දු යවන්නෙක් නොසිටි නිසා, ඔහුටම නොණ්ඩි ගගා පන්දු යවන්න සිද්ධ වුණා. ඒත් ප්‍රතිවිරැද්ධ පිලට ලකුණු ලබාගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ.
පිතිහරඹයේ දුර්වලකම දැක්ක තවත් නළුවෙක් බැට් කරන නළුවට මෙහෙම කිව්වලු.
"මොකක්ද මචං පොර තනි කකුලෙන් බෝල් කරලත් උඹට ගහන්න බැහැනෙ."