ඩිරෙක්ටර් මී හරකලු
දඹුල්ල අවට ගමක චිත්රපටයක් රෑගත කරමින් තිබුණා. මාසෙක විතර කාලයක් චිත්රපටයේ මුළු කණ්ඩායමට දඹුල්ලට ආසන්න හෝටලේක තමයි ලැඟුම් අරගෙන ඉඳලා තියෙන්නෙ.
ඒ දවස්වල ඒ පැත්තෙ ක්රිකට් මැච් වගයක් ගහපු නිසා බෙහෙතකටවත් හෝටලයක් හොයාගන්න බැහැලු.
චිත්රපට කණ්ඩායම නැවතිලා හිටිය හෝටලේත් පොඩි පොඩි අඩු පාඩුකම් තිබ්බට, වෙලාවෙ හැටියට ඒවා ඉවසා දරාගෙන හිටියලු.
ඔන්න මේ අය ගිය දවසට පහුවදා නිෂ්පාදන අංශයේ ශිල්පියෙක් හෝටලේ මැනේජර් එක්ක ලොකු කොක්කක් දාගෙන. ඕක චිත්රපටයේ ඩිරෙක්ටර්ට ආරංචිවෙලා අර කොල්ලට කතා කරලා අවවාද කරලා.
"නැහැ සර් ඒ මැනේජරයා අපිට නොහොබිනා විදිහට නෝක්කාඩු කතා කියනවා. අපි කසි කබල් චිත්රපටකාරයොලු"
"හරි හරි පුතා අපි ඒවට කේන්ති අරන් මේවා කරන්න බැහැ. මෙතනින් යන්න කිව්වොත් අපි කොහෙද යන්නෙ. ඒගොල්ලො මොනව කිව්වත් අපි ඉවසගෙන ඒවා නෑහුණා වගේ අපේ වැඩ ටික කරන්න ඕන.." ඩිරෙක්ටර් කිව්වලු.
"හා... හා... හැබැයි මැනේජරයා කියනවා මේකෙ ඩිරෙක්ටර් අමු මී හරකෙක් කියලා..."