ඩ්රයිවර් ගායකයාවෙලා
එක්තරා නිෂ්පාදකවරයෙක් ඔහුගේ හදිසි වැඩක් සඳහා පිටත්ව යන්න ලැහැස්තිවෙලා ඔහුගේ රියැදුරු එනකම් බලා ඉන්නවලු.
"කෝ මේ යකා තාම නැත්තෙ මොකද? ලොකේෂන් එකේ කට්ටියට අද සල්ලි ගෙවන්නත් තියෙනවා, බැංකු යන්න තියෙනවා. කෝල් එකක්වත් දීලා බලනවකො දැන් කොයි හරියෙද කියලා," නිෂ්පාදකවරයා ඔහුගේ නිවසේ අලුතින්ම වැඩට ඇවිත් ඉන්න සේවකයාට කිව්වලු.
සේවකයා රියැදුරුගේ දුරකථන අංකයට කෝල් එකක් ගන්නවා. ඔහුගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන්න පටන් ගන්නවා.
"අනේ සර් අපේ ඩ්රයිවර් උන්නැහෙ සින්දුවක් රෙකෝඩ් කරනවා වගේ මට නම් හිතෙන්නෙ," ඔහු හාම්පුතාට කියනවා.
"සින්දුවක්? අනේ බයිලා කතා කරන්න එපා බං. ඒ යකා ගායකයෙක්ද සින්දු කියන්න."
"ඔව් ඔව් සෑර් එහෙම තමයි කෝල් එකේ කියන්නෙ. අපි කතා කරන්න හදන ගායකයා සම්බන්ධ කරන්න බැහැයි කියන්නෙ. ෂුවර් එකටම සින්දුවක් රෙකෝඩ් කරනවා ඇති. බොරුනම් සර් අහලා බලන්න..." ඔහු රිසීවරය හාම්පුතාට දෙනවා.
"ඔබ ඇමතූ ග්රාහකයා මේ මොහොතේ සම්බන්ධ කළ නොහැක...."