ටෝච් එක අල්ලන්නෙ කවුද?
හැමෝටම පැන පැන උදව් කරන ඒත් අන්තිමේදී බයිට් වෙන කෙනෙක් සමාජෙ ඕනෙම සෙට් එකක ඉන්නවනෙ. ඔන්න ඒ වගේ අය සමහර සෙට්වලත් ඉන්නවා. ඒ කියන්නෙ ටෙලිනාට්‍ය, චිත්‍රපටි ෂූටිං කරන ලොකේෂන්වල.
නුවරඑළිය පැත්තෙ රෑපගත කෙරැණු ටෙලි නාට්‍යයක් අතරතුරදීත් මේ වගේ හැමෝටම උදව් කරන කලා ශිල්පියෙක් ගැන තොරතුරක් ආරංචි වුණා. බාල මහලු කාටත් වචනෙකින් හරි උදව් කරන එක මෙයාගෙ සිරිතක්.
එදා ටිකක් රූ වෙනකං ෂූටිං තියෙන්න සැලසුම් කරල තිබුණට ඒ පළාතෙ ට්‍රාන්ස්ෆෝමර් එකක අවුලක් නිසා හවස් වෙද්දි කරන්ට් කපලා. කරැවලේ මොකුත්ම කරන්න බැරි නිසා කට්ටිය ලොජ් එකට වෙලා ඉටිපන්දම් එළියෙන් කයිය ගගහා ඉන්නවලු.
ඒත් එක්කම ඒකෙ රඟපාන තරැණ නිළියක් වොෂ්රෑම් එකට යන්න ඉටිපන්දමක් හොයද්දි අර පැනලා උදව් කරන ශිල්පියා එයාගෙ බෑග් එකේ තිබිලා ටෝච් එකක් අරං කෙල්ලට දුන්නා.
"අනේ තෑන්ක්ස් අයියා.." කියලා කෙල්ල වොෂ්රෑම් පැත්තට යනවා. මේක දැකලා අර මනුස්සයා අහනවලු.... "නංගි ඇතුළෙ ටෝච් එක අල්ලන්නෙ කවුද?" කියලා.
එයා ඇහුවෙ කැත හිතකින් නෙවෙයි. ඒත් එතන හිටපු හැමෝම මෙයාව නැතිවෙන්න බයිට් කළාලු. "උඹට තමයි ඒක අල්ලගෙන ඉන්න වෙන්නෙ." කිව්වම එයාගෙ මූණ පුංචි වුණාලු.