ජෝති විකුණං කෑම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-08-ent-131අපේ අසහාය ගායක එච්.ආර්. ජෝතිපාලයන් ජීවතුන් අතර සිටියා නම් ඔහු අද දවසේ සිය 81 වැනි උපන් දිනය සමරනවා ඇති. එහෙත් මේ රටේ අභාග්‍යයකට ඔහු අපෙන් වෙන්වෙලා අවුරැදු 30කට ආසන්නයි.

ජෝති ජීවමානව අප අතර නැතිවුණත් මේ රටේ අදටත් ජනප්‍රිය ගායකයා ජෝති බව කවුරැත් පිළිගන්නවා ඇති. ජෝති ඔහුගේ මධුර හඬින් දශක ගණනාවක් මේ රටේ ලක්ෂ ගණනාවකගේ සිත් සතුටු කළා මිසක් ඔහු මුදල් පසුපස හඹා ගියේ නෑ.

ඒත් ජෝති නැතිවෙලා අවුරැදු 30ක් ගතවී තිබියදීත් ජෝතිගේ ගීත විකුණං කන අය කී දෙනෙක් ඉන්නවද? පහුගිය දවසක ජෝති ස්මරණ වැඩසටහනක් අතරතුර ජෝතිගේ ජනප්‍රිය චිත්‍රපට ගීත කීපයක් එක්තරා පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක විකාශය වුණා. ඒ එක්කම වගේ චිත්‍රපට සංරක්ෂකයෙක් ඒ නාලිකාවට කතා කරලා ඒ චිත්‍රපට ගීතවල අයිතිය ඔහුට දැන් හිමි වී තිබෙන නිසා ප්‍රචාරය වන එක ගීතයකට රැ.5000/- බැගින් ඉල්ලා හිටියලු. ඒත් ඔහුට අයිති යැයි කියා ගන්නා බොහෝ චිත්‍රපටවලට ඔහුට ලිඛිත නීතිමය අයිතිවාසිකම් නැති බව ක්ෂේත්‍රයේ බොහෝ අය දන්නා රහසක්ලු.

 

DESHAYA