ජේ.ආර්. පරාදයිලු!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-07-27-ent-02.jpgහිටපු ලොකුතැන පසුගියදාක තමන්ගෙ ගමේ තිබුණ ලොකු මහජන රුළියකට ගියා... ගමේ වැඩේ හින්ද සෙනඟ සූ ගාලා ඇවිල්ලා. උන්නැහේ කියපු කතාවක් නිසා හැමෝටම දෙකොනින් හිනා ගියා කියල තතු දත් අය කියනව...

අපට ආරංචි හැටියට උන්නැහේ කිව්වෙ මෙහෙමයි.

"අපේ රටේ හිටපු ජේ.ආර්. තුමා වරක් කිව්ව මේ ව්‍යවස්ථාවෙන් මට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑනියෙක් කරන එකයි කියලා... උන්නැහේ එදා ඒක කරන්න බැහැ කිව්වත්... පසුගියදාක මේ ආණ්ඩුව ඒකත් කළා. ඒක ලොකු වීරකමක්... ජේ.ආර්.ටත් බැරි වෙච්ච දෙයක්නේ මෙයාලා කළේ.." කියල හිටපු ලොකුතැන කියද්දී රුස්ව සිටි සභාතොමෝ ප්‍රශ්න පිට ප්‍රශ්න නගන්න පටන් ගත්තලු.

"කව්ද සර් ඒ? අනේ සර්... අපිටත් කියන්න?..." කියන්න කිය කිය ජනතාව ඇවිටිලි කරන කොට හිටපු ලොකු තැන කිව්වලු "මෙයාල කළේ පිරිමියෙක්, ගෑනියෙක් කරන එක විතරයි... ඉන් එහාට නම් මුකුත් කියන්න බැහැ කියලා... ඊළඟට සභාවෙ ඉන්න අය මේ ආණ්ඩුවෙ එක්තරා ඉහළ නිලයක් දරන කෙනෙක්ගෙ නමක් කියල කෑගහන්න ගත්තලු. එයා එක්තරා පළාතකට ලොක්කෙක්ලු.

ඉතින් රුස්ව සිටි ජනතාව ඒ නම කියලා කෑගහද්දී හිටපු ලොකු තැන "මම කාගෙවත් නම් කියන්නෙ නම් නැහැ... ඒත් මෙයාල ජේ.ආරැත් පැරුද්දුව කියලා කතාව වෙන පැත්තකට හැරෙව්වලු...

 

DESHAYA