ජිම් කොල්ලෙක්
ටෙලිනාට්‍යය රෑපගත කරන කාලය තුළ සිදුවුණ තවත් ලස්සන කතාවක් මේක.
මාස 2ක් විතර කොළඹ අවට රෑපගත කළ මේ නාට්‍යයේ ගොඩාක්ම හිටියෙ තරැණ නළු නිළියො.
වැඩ පටන් අරන් පළවෙනි සතියෙම සමහර ජෝඩු සෙට් වුණාලු. ඒත් ඒ අය හිතන් ඉන්නෙ කවුරැත් ඒ ගැන දන්නෙ නැහැ කියලා.
ඒකේ තරැණ නළුවෙකුගෙ ෂූටිං සතියකින් විතර ඉවර වෙලා. ඒත් එයාට ෂූටිං නැතත් හැමදාම සෙට් එකට එනවලු.
ඔය ආදරෙයි කැස්සයි හංගන්න බැහැ කියනවනෙ. කට්ටියට තේරැණා කොල්ලා එන්නෙ පොල් පැළේ කන්න තමයි කියලා. ඒත් නොතේරෙන ගාණට හිටියලු.
දවසක් ඒකේ සහාය අධ්යක්ෂවරයා ඒ ගැන ඔහුගෙන් ඇහුවලු.
“මොකෝ මල්ලි ෂූටිං නැති දවස්වලත් මෙහෙට හැමදාම එන්නෙ...?"
“නෑ අයියෙ මේ ළඟ තියෙන ජිම් එකට එනවනෙ... ඒක ඉවරවෙලා ඉතින් කම්මැලිකමට මෙහෙ එනවා. අපි එක පවුලක් වගේ එකට වැඩ කරපු කට්ටියනෙ" කියලා පර්ස් එක අදිනවලු.
“මොකෝ මල්ලි පර්ස් එක අදින්නෙ..."
“නෑ අර ජිම් එකේ සාමාජිකත්වය ගත්තු රිසිට් එක පෙන්නන්න..."
“පිස්සුද බං... උඹව අපිට අවිශ්වාස නැහැ උඹ හොඳ ජිම් කොල්ලෙක්නෙ. ළඟදිම හොඳ පෙම් කොල්ලෙක් වෙයි වගේ..." සහාය අධ්‍යක්ෂකවරයා කිව්වලු.