ජරාව නැතුව සින්දු හිට් කරන සියතට මල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-11-05-ent-03අපේ චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍ර තුළ පසුගිය කාලය තුළ සිදුවූ කඩා වැටීමට ක්ෂේත්‍රය තුළ සිටින අය වගේම විවිධ පාර්ශ්වකරැවනුත් ඍජුවම වගකිවයුතු බව බොහෝ අය විශ්වාස කරනවා.

ටෙලිනාට්‍යයක් විකාශය කරදීමට ජරාව ලබාගත් රජයේ ලොකු ලොක්කො නිසා පහුගිය දශකය තුළ රෑපවාහිනී නාළිකා ජරාව පෙන්නන තැනට පත්වුණා. එදා සිදුවූ අදූරදර්ශී, ජරා වැඩවල ප්‍රතිවිපාක අද අපි අත්විඳිනවා. සුභාවිත ගීතය යටපත් කරමින් මෙලෝ රහක් නැති ගීත සමාජගත වෙන්න පටන් ගත්තෙත් මේ ජරා සංස්කෘතිය හරහා බව රහසක් නෙවෙයි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් චෝදනා කරන අන්දමට බොහෝ ආයතන ඕනෑම සින්දුවක් ජරාව අරගෙන හිට් කරලා දෙන වැඩේ බාරගන්නවලු. ඒ සඳහා විවිධ පැකේජ් තියෙනවලු.

මෙවැනි ජරාජීර්ණ පරිසරයක් මධ්‍යයේ සියත ටී වී හා සියත රේඩියෝව මෑතකදී ගත් තීරණයක් නිසා ඔවුන්ට මල් මිටක් පිදිය යුතුමය.

අපි ජරාව නොගෙන සින්දු හිට් කරලා දෙන අභියෝගය බාර ගන්නවා. අපේ ක්‍රමවේදය ඉතාම විනිවිදයි. ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ ගීත හා මියුසික් වීඩියෝ අපට බාරදෙන්න පුළුවන්. සියත මාධ්‍ය ජාලයේ වගකිවයුතු නිලධාරියෙක් පහුගියදා පැවසුවා.

 

DESHAYA