ජම්බුවලට තෑන්ක්ස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-26-ent-83මේ දිනවල රෑපගත කරන ටෙලිනාට්‍යයට සම්බන්ධ මේක්අප් අංශයේ මල්ලි කෙනෙක් ඒකෙ වැඩ කරන නවක නිළියන්ට පුදුම ළෙන්ගතුකමක් තියෙන්නෙ.

එයා දර්ශන තලයට එන්නෙ ගෙදරින් නිසා, මේ කෙලි පොඩිත්තියන්ට මොන මොනවා හරි හොරෙන් ගෙනැල්ලා දෙනවා. කෙල්ලොත් මෙයාට ආදරෙයි.

මෙයා එහෙම නරක අදහසකින් නෙවෙයි මේවා කරන්නෙ. ඉතින් මේ හිත හොඳ කොල්ලා දවසක් මේ කෙල්ලො සෙට් එකට ගෙදර ගහෙන් ජම්බු බෑග් එකක් පිරෙන්නම ගෙනත් දීලා. ඒකත් එක්ක කන්න හොඳ ලුණු කුඩුත් හදාගෙන ඇවිත්. කෙල්ලන්ට දීලා මෙයා මේක්අප් රෑම් එකේ වැඩ.

පැය දෙක තුනකට පස්සෙ ඒකෙ වැඩ කරන කෙල්ලො ටික සේරම මෙයාට "ජම්බුවලට තෑන්ක්ස්" කියලා යනවලු.

මෙයා ජම්බු ටික කෙල්ලන්ට කන්න දුන්නට, ඒගොල්ලො සෙට් එකේ හිටිය කොල්ලොත් එක්ක බෙදාගෙන කාලා.

කොල්ලො පස්සෙ දැනගෙන තියෙන්නෙ ගෙනාපු කෙනා කවුද කියලා.

"ජම්බුවලට තෑන්ක්ස්" කියලා කොල්ලො කියද්දි අර මල්ලිගෙ මූණ ජම්බු වගේ රතුවුණාලු.

 

DESHAYA