ගූගල් එක හරහා ටයි ගැටේ ගහලා
මිනිස්සුන්ට අකරතැබ්බයක් එන්නෙ කිය කියා නෙවෙයිනෙ. හීනෙන්වත් හිතන්නෙ නැති වෙලාවට පාත්වෙන අවුල් තමයි දරාගන්න බැරි.
අපේ ප්‍රවීණ කලා ශිල්පියෙකුටත් ඊයෙ පෙරේදා දවසක ඔය වගේ අකරතැබ්බයක් වෙලා.
එයයි නෝනයි මඟුල්ගේකට යන්න ලෑස්ති වෙනවලු. වෙනදට ඇඳගන්න පරක්කු වෙන්නෙ නෝනා. ඒත් එදා නෝනා ලෑස්තියි මහත්තයා තාම තටමනවලු.
"මොකක්ද අනේ වෙලා තියෙන්නෙ. කොයිවෙලේ ඉඳන්ද ඔයා ලෑස්ති වෙන්නෙ? අපි එහෙම පරක්කු වුණා නම් මෙලහකට....", බිරිය කිව්වලු.
"අනේ පොඩ්ඩක් කෑ නොගහ ඉන්නවද, මට පොඩි අවුලක් වෙලා..."
"ඇයි මොකක්ද අවුල..."
"අවුරුදු ගාණක් තිස්සෙ ගහන ටයි ගැටේ මේ පුංචි වෙලාවට ක්ෂණිකව අමතක වුණානෙ. මෙච්චරවෙලා ඒකනෙ ට්‍රයි කරන්නෙ..."
"අයියෝ කාට හරි කෝල් කරලා අහගන්නකො. අල්ලපු ගෙදර මල්ලිට එන්න කියන්නද?"
"පිස්සුද ළමයෝ ලැජ්ජාවෙ පණ යයි..."
"එහෙනම් මොනවද කරන්නෙ. ඔයා ගූගල් එකේ SEARCH කරලා හරි ඕක බලාගෙන දාගන්නකො."
ඔහු ඇත්තටම ගූගල් එක ඔස්සේ බලාගෙන තමයි ටයි ගැටේ අන්තිමට ගහගෙන තියෙන්නෙ.