ගින්න දුන්න හැටි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-07-06-ent-42උතුරේ සන්ධානෙ මන්තිරිසයිස් මහත්තයෙක් පසුගියදාක ආණ්ඩුවෙන්ම සල්ලිදීලා ඇමෙරිකාව පැත්තට ඇරියෙ ආණ්ඩුවෙ නම ඒ පැත්තෙදි තවටිකක් සුද්ද බුද්ද කරන්න කියලයි..

ඒ අනුව උන්නැහේ යැංකි රටට ගිහිල්ලා අපේ තානාපති උන්නැහෙත් එක්ක ඉහළම කොංග්‍රස් මණ්ඩලේටත් ගියයි කියමුකො...

ගිහිල්ලා කළේ යනකොට ආණ්ඩුවට පොරොන්දු වෙච්චදේ නෙවෙයිලු. රජය කරපු හොඳදේට වඩා නොකරපු දේවල්ම කොංග්‍රස්වරැන්ට කියලා.. වෙච්ච වැරදි හොයන්න ලෝක උසාවියක්ම ඕනය කියලත් කීවලු..

අපේ රටට තද කොන්දෙසි දාලා බල නොකළොත් කිසිම දෙයක් කරන්නේ නැතුව ඉඳීවි කියලා නොයෙක් ආඩ පාලි කිව්වා කියලත් දැන ගන්න තියනවා..
ආණ්ඩුව වැඩ කරන්නෙ මෙහෙමද කියා සැප්තැම්බරේ ජිනීවා කතාබහේදී තදින් පාඩමක් උගන්නන්න කියලත් උපදේසයක් දුන්නලු..

එහෙම කරලා හොඳට හිනාවෙලා ආණ්ඩුවෙ අරක්කුවලින් ආණ්ඩුවටම සූර් පෙන්නලා උන්නැහේ දැන් ඇවිත් සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ ඉන්නවලු. විග්නේෂ් මහ ඇමැතින් එක්කත් වලියකට පැටලිලා පක්‍ෂයෙ නායක කමට තිරය පිටුපස්සෙ සටනක යෙදෙනවය කියන මුන්නැහේ එයාලගෙ පක්‍ෂයෙ කණිෂ්ටම මන්ත්‍රි කියලලු ,විග්නේෂ්" හඳුන්වන්නේ.

 

DESHAYA