ගැමි චරිතෙ බොක්කටම වැදිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-10-30-ent-80එක්තරා චරිතාංග නළුවෙකුට මෑතකදී ටෙලි නාට්‍යයක රඟපාන්න ලැබිලා තියෙන්නෙ 1950 ගණන්වල ලංකාවෙ ගමක ජීවත් වන පියෙකුගේ චරිතයක්.

හම්බන්තොට පැත්තෙ මාසයක් විතර කට්ටිය එක දිගට රූගත කිරීම්වල නිරතවෙලා ඉඳලා තමයි කොළඹට ඇවිත් තියෙන්නෙ.

ඒ ටෙලි නාට්‍යයේ දෙබස් ටිකත් අද අපි කතා කරන භාෂා ශෛලියට වඩා වෙනස්.

මාසයක් තිස්සෙ ෂූටිංවලම කාලෙ යෙදිලා මුළු කණ්ඩායමම දැන් ඉන්නෙ අර ගැමි ගතියෙන්ලු. ගෙදර ඇවිල්ලත් අර චරිතාංග නළුවත්, නෝනගෙන් තේ එකක් ඉල්ලන්නෙ, ‘හාමිනේ ඇහැක් විදිහට මට කහට එකක් හදල දීපන්කො” කියලා.

කඩේට බඩුවක් මුට්ටුවක් ගන්න ගියත් කතා කරන්නෙ අර තිර පිටපතේ තියෙන දෙබස් අනුවලු.

 

DESHAYA