ගාල්ලේ සුළි සුළඟ වගේද?
එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්රවෘත්ති අංශය භාරව ඉන්නෙ හරිම ජොලි පොරක්ලු.
ටික කාලෙකට කලින් නාලිකාවට සම්බන්ධ යාළුවො සෙට් එකක් දකුණු පළාතෙ ප්‍රසිද්ධ හෝටලයකට ට්‍රිප් එකක් ගියාලු.
යන අතරතුර උණවටුන මුහුදු වෙරළට ගිහිං නාලා යන්නත් කට්ටිය තීරණය කළාලු.
ඔන්න කට්ටිය දැන් වෙරළට ඇවිත් නාන්න ලෑස්ති වෙනකොටම අර නිව්ස් එකේ ලොක්කා කලබලෙන් කට්ටියට මෙහෙම කියනවලු.
“අද උදේ නිව්ස් එකේ අපි දැම්මනෙ අද ගාල්ලට සුළි කුණාටුවක් එනවා කියලා. අපි මෙතනින් යමුද.”
“පිස්සු නටන්න එපා ලොක්කා. මෙච්චර දුර ඇවිත් ආයිත් හැරෙන්නෙ, කොහොමද?” කියල කට්ටිය හොඳට විනෝද වුණාලු. ගමන ගිහිං එනකං සුළි කුණාටුවක් තියා සුළු සුළඟක්වත් ආවෙ නැහැල්ලු.
ඔන්න ඊයේ පෙරේදා දවසක එයාගෙ නිව්ස් එකේ කිව්වා උතුරු පළාතට බලපාන සුළි කුණාටුවක් ගැන විස්තරයක්.
ඕක ප්‍රචාරය වුණු වෙලාවෙ ඉඳලා ඔහුගෙ දුරකථනයට කෝල් දිගටම එනවලු. “ඒකත් අර ගාල්ලෙ සුළි කුණාටුව වගේද” කියලා අහලා.