ගාමිණී ෆොන්සේකා නිසා ලොකු අමාරුවක
මේ කතාවත් කුමාර තිරිමාදුරගෙම පොතෙන් උපුටාගත්තු එකක්. කුමාර, ගාමිණි ෆොන්සේකා නම් වූ අසහාය නළුවාගේ රසිකයෙක් වෙලා හිටියේ ඉස්කෝලෙ යන කාලෙදිමලු. අම්මගෙන් කොහොම හරි ගාණක් කොටාගෙන, ගාමිණීගේ චිත්‍රපටයක් බලන එක තමයි කුමාරට ඉස්කෝලෙ යන කාලෙ තිබුණ ලොකුම ආතල් එක.
ඔන්න ඔය වගේ ෆිල්ම් එකක් බලන්න ගිය දවසක, චිත්‍රපටය ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා තියෙද්දි විදුලිය ඇන හිටලා. ඒ කාලේ හැම හෝල් එකේම ජෙනරේටර් තිබිලත් නැහැනේ. ඉතින් කතාවෙ අන්තිම ටික බලන්න ලයිට් එනකම් ඉන්න වුණා. සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ලයිට් එනකොට හෝල් එකේ භාගයක්ම ගෙදර ගිහින්ලු. ඒත් කුමාර ගියේ නැහැ.
ගෙදර එනකොට රෑ වෙලා. අම්මා පාර ළඟ ඉන්නවලු කුමාර එනකන්. කුමාර අම්මට ලයිට් ගිය කතාව කියලා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ චරිතෙ ගැනත් කියන්න පටන්ගත්තලු.උඹනම් කවදහරි දවසක ගාමිණී ෆොන්සේකා නිසා ලොකු අමාරුවක වැටෙනවා. කියලා අම්මා කිව්වලු.