ග්‍රීන් ලයිට් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-08-04-ent-06ගිය ආණ්ඩුවෙ ඉහළම ලේකම් පට්ටමක් දරාපු බලවත්ම ලේකම් සයිස් මහත්තයෙක් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරවන්න කියල රජයට ඉදිරිපත් වුණ යෝජනාවක් ගැන ලොකු කඹ ඇදිල්ලක් පටන් අරන්ලු.

බුලත් කොළේ කස්ටියත්, අලි පාටියෙ කස්ටියත් මේ ගැන ඇතුළෙ ලොකු විවාදයක පැටලිලා ඉන්නෙ. මේ යෝජනාව ක්‍රියාත්මක කරවන්න ආණ්ඩුවෙ කැබිනට් සයිස් හතරපස් දෙනෙක් උත්සාහ කළත් තවමත් ඉහළ තැන් දෙකෙන්ම ඒකට “ග්‍රීන් ලයිට්" නැහැ කියලයි තතු දත් අය කියන්නෙ.

මේ ගැන ආණ්ඩුවෙ ලොකු තැන්වලින් විමසුවම දීල තියෙන උත්තරේ අපට ආරංචි විදියට මෙහෙමයි. “ගිය ආණ්ඩුව හමුදාපති හිරේ දාලා කරගත්ත බ්ලන්ඩර් අපිත් කරන්නෙ මොකටද?"

 

DESHAYA