කෝපි කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-27-ent-01පහුගිය දවසක ටෙලිනාට්‍ය සෙට් එකක අහපු ලස්සන කතාවක් ඕගොල්ලො එක්ක ෂෙයාර් කරන්න හිතුවා.

එක්තරා බොස් කෙනෙක් ළඟ අවුරැදු තිහක් ඉතාම විනීතව, කීකරැව සේවය කළ ගෝලයෙක් හිටියලු. එයාගෙ නම රාමු.

ඔන්න එක දවසක් බොස් හොඳ චූන් මූඩ් එකක ඉන්න වෙලාවක රාමු සුපුරැදු විදිහට බොසාගෙ කෝපි කෝප්පය අරගෙන ආවලු.

"අනේ අනේ රාමු. උඹ දැන් අවුරැදු 30ක් තිස්සෙ මට හැමදාම උදේට මේ වගේ රස කෝපි කෝප්පයක් ගේනවනෙ. මම කොහොමද උඹට ස්තූති කරන්නෙ? ඒත් කෝප්පෙ පිරෙන්නම කෝපි එකකුත් අරගෙන තට්ටු දෙකක පඩි පෙළක් නැගගෙන උඹ කොහොමද කෝපි බිංදුවක්වත් හැලෙන්න නැතිව මේ කෝප්පෙ මට ගේන්නෙ..."

"අනේ සර්.... ඉතින් මම ඇත්තම කියන්නම්කො. මම පඩිපෙළ නගින්න කළින් කෝප්පෙන් ලොකු උගුරක් කටට දා ගන්නවා. ඊට පස්සෙ සර්ගෙ කාමරේ ළංවෙනකොට ඒ ටික කොප්පෙට හලනවා.."

රාමුගෙ අවසන් කටයුතු හෙට පැවැත්වීමට නියමිතලු!

 

DESHAYA