කෝ අනේ ගාලු පාර



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-26-ent-117

පහුගියදා අපෙන් සදහටම සමුගත් ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකරගේ දේහය තැන්පත් කර තිබුණු මල් ශාලාවට කලාකරැවන් රුසක් ඇවිත් හිටියා.

ඒ හැමෝටම වසන්ත ගැන හා ඔහු ළඟින් ඇසුරැ කළ අය ගැන කියන්න ඕන තරම් රස කතා තිබුණා. පහුගිය සතියෙත් අපි අර විසිල් කතාව කිව්වනෙ.

ඔන්න තව දවසක් වසන්තගේ බම්බලපිටියේ ගෙදරට ක්ෂේත්‍රයේම හොඳ යාළුවො දෙන්නෙක් ඇවිල්ලා රූ බෝ වෙනකම් සෙට්වෙලා හිටියලු. ගෙදර යන්න මතක් වුණාම තමයි දැන‍ගෙන තියෙන්නෙ කෙළින්වත් හිටගන්න බැරි විත්තිය.

එක්කෙනෙක් මේ දෙන්නට ගුඩ් නයිට් කියලා ගියාලු.

ඔන්න විනාඩි දහයකින් විතර අර මිනිහා ආපහු එනවලු.

"මොකද බං උඹ යන්න නේද ගියේ..."

"ඔව් මචං ඒත් උඹලගෙ ගෙදර ගේට්ටුව කොහෙද බං? ගාලුපාරත් පේන්න නෑනෙ බං"

"මචං උඹ කොයි පැත්තෙන්ද ගියේ?"

"මේ පැත්තෙන්.."

"ඉතින් මචෝ ඒ අපේ කුස්සිය පැත්තනෙ, එහෙ කොහෙද ගාලු පාරක්..."

 

DESHAYA