කොලු කෙළියෙන් කකුල හබක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-09-ent-156ඔන්න මේ කියන්න යන්නෙ ටෙලිනාට්‍ය රූගත කිරීමක් අතරතුර සිද්ධ වුණු කතාවක්. මේක ටෙලිනාට්‍ය බලද්දි නම් පේන්නෙ නැතිවෙයි, මොකද මේක සිද්ධ වුණේ තිරයේ පිටුපස.

ඔන්න කතාවෙ හැටියට ප්‍රධාන නිළි චරිතය රඟපාන්නෙ තරැණ රංගන ශිල්පිනියක්. ඇගේ පියාට රඟපාන්නෙ අප රටේ ප්‍රවීණ රංගන ශිල්පියෙක්. ඔන්න දැන් දුව කොල්ලෙක් එක්ක යාළුවෙලා කතාවෙ හැටියට. හැබැයි ඒ කොල්ලා මේ පවුලට ගැලපෙන්නෙ නැහැ කියලා තාත්තා හිතනවා. එහෙම හිතලා තාත්තා අර කොල්ලට නොයෙක් වද හිංසා දෙනවලු. බැරිම තැන කොල්ලා එයාගෙ සෙට් එකේ කොල්ලො ගැන්සියක් ලෑස්ති කරනවා, කෙල්ලගෙ තාත්තට ගහන්න. ඔන්න කොල්ලො සෙට් එක තාත්තට හොඳටම ගහනවා. දැන් මේ ගුටිකෑම අර තාත්තට රඟපාන ප්‍රවීණ නළුවට දිරවන්නෙ නැහැලු. එයා අධ්‍යක්ෂට කියලා ස්ක්‍රිප්ට් එකට තවත් ෆයිට් එකක් ඇතුළු කරගන්නවා. ඒ කියන්නෙ ටික දවසකට පස්සෙ තාත්තට අර ගහපු කොල්ලො සෙට් එක ආයෙත් හම්බවෙනවා. ඒ වෙලාවෙ තාත්තා කොල්ලන්ට එලව එලවා පයින් ගහනවා.

ඔන්න අර සීන් එකෙන් පස්සෙ අර ප්‍රවීණ නළුවගෙ කකුල ඇඹරිලා ඇවිදගන්න අමාරැයි කියලයි ආරංචිය.

 

DESHAYA