කොන්තරාත් වාසනාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-06-30-ent-08ආණ්ඩුවෙ කොන්තරාත් ගන්න ආණ්ඩුවෙම ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නව කියල පසුගිය දවසක දියවන්නා කවුන්සිල් ලොබියෙ එක කතාවයි....


ඒ වැඩවලට උන්නැහේ එක්තරා සමාගමකුත් හදල දැන් ජයටම වැඩලු. ලෝකෙ සුප්‍රකට බැංකු ණය දෙන ආයතනවලින් මේ රටට ලැබෙන ව්‍යාපෘතිලු මෙයාගෙ ඉලක්කෙ... ඈත දුෂ්කර පළාතකින් ආපු මුන්නැහේට ගිය ආණ්ඩුව කාලෙ හිටපු ආරක්ෂක ලොක්කන් පාර දෙපැත්තෙ ලස්සන ගල් අල්ලන කොන්තරාත්තුවකුත් පාරවල් ගණනාවක් හදන කොන්ත්‍රාත්තුවකුත් දුන්න කියල සමහරැ කියනව.


කොහොම හරි අන්තිමේ ආදරණීය ඇමැතිතුමාගෙ දයාබර වැඩකටයුතු නිසා රටේ ප්‍රධාන කොන්තරාත් සමාගම් තුනකට හතේ හත වැදිලලු... ඉතින් එයාල මේ කතාව තදින්ම පතුරවනව කියලත් ආරංචියි. 

 

DESHAYA