කුමාර ලීලාවෙන් තියන පොලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-05-ent-272​අද කාලෙ ඕනෙම කෙනෙක් පිටතින් මනින්න බැහැනෙ. මොන ක්‍ෂේත්‍රයක හිටියත් මිනිස්සු ගැන හරියටම තේරැම් ගන්නව කියන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි.

බොහෝමයක් අහිංසක මිනිස්සු එක එක මිනිස්සුන්ගෙ හොරමගඩි උගුල්වලට අහුවෙන්නෙ මේ වෙනස තේරැම් ගන්න බැරි හින්දනෙ. සමහර ජනප්‍රිය කට්ටිය ඔවුන්ගෙ ජනප්‍රියත්වය පාවිච්චි කරනවා අනුන්ට පොලු තියන්න.

ඔන්න මෑතකදී එහෙම සිද්ධියකට මූණ දීලා තියෙනවා ලංකාවෙ නමක් තියෙන තරැණ කලා ශිල්පියෙක්.

එක්තරා ප්‍රවීණ කලාකරැවෙක් (එක්තරා කාලෙක ජනප්‍රියව සිටි) ඔහුගේ ප්‍රසංගයක් සඳහා අර තරැණ ශිල්පියා නර්තනය පැත්තෙන් සම්බන්ධ කරගෙන. ගණන් හිලව් එහෙමත් බොහොම අඩුවට කතා කරගෙන. ඒත් හොඳ වැඩක් කිරීමේ පිපාසාවෙන් ඉන්න තරැණ කලා ශිල්පියා මුල් තැන දුන්නෙ නිර්මාණවලට. නර්තන ශිල්පිණියන්ට අදාල ඇඳුම් ටික මහගන්න රෙදිවලට සල්ලි දෙනවා කියලා පුදුම විදිහට මේ තරැණ ශිල්පියා රස්තියාදු කරවලා. බැරිම තැන මේ ශිල්පියා ඔහුගේ මුදලින් හා ණය තුරැස් වෙලා වැඩේ කරගෙන.

“මල්ලී බය නැතුව ඒ වැඩටික කරන්න. ෂෝ එක ඉවර වුණු ගමන් ඔයාගෙ සල්ලි දෙනවා,* අර ප්‍රවීණයා කියලා.

ෂෝ එකෙන් පස්සෙ සතපහක් දීලා නැහැලු. නටපු ළමයින්ට සල්ලි ගෙවලත් නැහැලු. දැන් කතා කළාම ෆෝන් එක උස්සන්නෙත් නැහැලු. හැබැයි ප්‍රසංගයේ ටිකට් සියල්ල විකිණිලා.

 

DESHAYA