කුණුහරැප කියපු තුන්දෙනෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-05-31-ent-81ආණ්ඩුවේ ඇමැතිකෙනෙක් පසුගියදාක කවුන්සිලේදි හිටපු ඇමැති කෙනකුට තිත්ත කතාවෙන් බැණපු එක දැන් හැමෝම දන්නව. ඒ ගැන විනය පියවරක් ගන්නව කියලා කතානායක අයගෙන් කියැවුණාම මේ චෝදනාව නිසා ඇමැතිතැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලුවලු... ඒත් මේ ප්‍රශ්නය එතැනින් ඉවර නැහැ කියල කතාවක් යනව. 


පසුගිය දවස්වල මේ විදිහට කවුන්සිලේ කුණුහරැප කියපු තවත් හිටපු ඇමැතිලා දෙන්නෙක් ඉන්නවලු... එයින් එක්කෙනෙක් රටේ ඉහළම තනතුරක් දරන මහත්තයකුට බැන්නලු...


අනෙකා ආණ්ඩුවෙ කිහිපදෙනෙකුටම එකවර නරක වචන වලින් සංග්‍රහ කළාලු. ඒ නිසා මේ හැමෝටම අනුන්ට නිකරැණේ බැණල පැනල යන්න බැරිවෙන විදියට තියෙන නීති වෙනස් කරන්න තීන්දුවක් ගත්තගු...


තවත් මාසෙකින් හමාරකින් මේවට සම්බන්ධවෙන අයට ලොකු විනය පියවරක් ගන්න යනව කියලයි ආරංචි.  

 

DESHAYA