කාට හරිගියත් No Problem මචං
කාලයක් කලා ලෝකයට සම්බන්ධ වෙලා වැඩ කරපු එක් ශිල්පියෙකුට තාම පෙළවහක් කරගන්න බැරි වෙලාලු. ඔහුගෙ මවුපියනුත් වැඩිය උත්සාහයක් අරගෙන නැත්තෙ ඔහුම කාවහරි හොයාගනී කියලා හිතලලු.
දැන් 35ත් පැනලා ඉන්න නිසා, ඔහුම හිතුවලු පත්තරේ මංගල තීරැවක ඔහු ගැන විස්තරයක් දාන්නන් දුරකථන අංකයක් එක්කම පත්තරේ දැන්වීමක් දැම්මලු මංගල කිංකිණි හැඬවෙයි කියන බලාපොරොත්තුවෙන්.
ඔන්න දැන්වීම පළවුණු දවසෙ ඉඳන් කෝල් වැහි වැහැලලු.
සමහරැ වයස නිසා අදිමදි කලත් කෙල්ලො බොහොමයක් මෙයාව බලන්න ආසයි කියනවලු.
"මගේ ෆේස්බුක් එකට ගිහින් බලන්න. මට තියෙන්නෙ එකම එක ප්‍රොෆයිල් ෆොටෝ එකක්" කියලා ඔහු කියනවලු ඒ අයට. ඒත් එයාගෙ FB ප්‍රොෆයිල් පින්තූරෙ තියෙන්නෙ හතර දෙනෙක් ඉන්න පින්තූරයක්.
"ඉතිං මචං කොහොමද කෙල්ලො උඹව ඒ හතර දෙනා අතරින් තෝරා ගන්නේ" මෙයාගෙ යාළුවෝ අහනවලු.
"මචං මම වගේම අර පින්තූරෙ ඉන්න අනිත් තුන් දෙනාත් බැඳලා නැහැ. කෙල්ලෙක් ඒ හතර දෙනාගෙන් කාට කැමති වුණත් අවුලක් නැහැ. මංගල සීනු හැඬවෙයි" ඔහු කිව්වලු.