ක්‍රිකට් පිස්සු ඩිරෙක්ටර්
ක්‍රිකට්වලට අකමැති කවුද? විශේෂයෙන් අපේ ලංකාවෙ කොල්ලො මැච් ගහනකොට නිවාඩු දාගෙන ගෙදර ඉන්න ක්‍රිකට් පිස්සො ඉන්නවනෙ. හැබැයි මේ ක්‍රිකට් පිස්සා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. අවුරැද්ද පටන් ගන්න කොටම මෙයා දන්නවා ලංකාවෙ ක්‍රිකට් මැච් වැටෙන දවස්. ඉතින් මෙයා ටෙලිනාට්‍ය ෂෙඩුල් හදනකොට ඒ දවස්වල බරපතළ වැඩ දාගන්නෙ නෑ. දිවා - රූ මැච් තියෙනකොට නයිට් ෂූට් නැහැ.
මුල් කාලෙදි මැච් යන ගමන් ෂූටිං කරගෙන ගියාලු ෂේප් එකේ. හැබැයි ඒ කාලෙට රෙඩී, ඇක්ෂන්, කට් වෙනුවට මෙයාගෙ කටින් පිටවෙන්නෙ නෝ බෝල්, වයිඩ් ක්ලීන් අවුට් කියලලු.
සෙට් එකේ ලයිට්වල අවුලක් තියෙනවා කියලා එයාට කිව්වම, එයා කියනවලු තර්ඩ් අම්පයට දාන්න කියලා.