ක්ලීටස්ට චැනල් මාරැවෙලා
අපේ ප්රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් පහුගියදා අපූරැ අත්දැකීමකට මුහුණ දුන්නා.
ඔහුගේ හිතවත්ම මිත්රයෙකු සමඟ ක්ලීටස් එදා කොළඹට ඇවිත් තියෙන්නෙ පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට සහභාගි වෙන්න. ඔහුගේ බිරියට හා පවුලේ උදවියට මෙන්ම හිතවතුන්ටත් මේ වැඩසටහන නරඹන්න කියලා දන්වලත් තියෙනවා.
වැඩසටහන උදේ 10ට තියෙන නිසා ඔහු කළින්ම හිරැ නාලිකාවට ආවෙ කලින්ම මේක්අප් දාගෙන සූදානම් විය යුතු නිසයි. ක්ලීටස් වෙලාවට වැඩ කරන කෙනෙක් බව ක්ෂේත්රයේ කවුරැත් දන්නවා.
ඔන්න හිරැ නාලිකා කාර්යාලයට ගොඩවුණ ක්ලීටස්ව හැමෝම බොහොම උණුසුමින් පිළිගත්තලු.
"ගුඩ් මෝනිං ක්ලීටස් අයියා. කොහොමද? මොනවද අපෙන් වෙන්න ඕනෙ...," නාලිකාවෙ කීපදෙනෙක් විමසනවලු.
"මොනව වෙන්නද ඉතින්, ඕගොල්ලො සජීවී ඉන්ටවිව් එකකට එන්න කිව්වා, මම ආවා." ක්ලීටස් සුපුරැදු සුහදත්වයෙන් කියනවලු.
කට්ටිය මුහුණට මුහුණ බලාගන්නවලු. තව කෙනෙක් ස්ටූඩියෝ එකට කෝල් එකක් දීලා තහවුරැ කරගන්න හදනවලු.
"අනේ එහෙම ප්රෝග්රෑම් එකක් දැන් නැහැලු. අයියට වැරදුණාවත්ද?"
"පිස්සුද මල්ලි මට එහෙම වැරදෙනවද? උඹලා මාව බයිට් කරන්න හදනවද?"
ක්ලීටස් එහෙම අහද්දිම ඔහුගෙ දුරකතනයට කෝල් එකක් එනවලු.
"ක්ලීටස් අයියා කොයි හරියෙද ඉන්නෙ.. ළඟද?"
"කවුද මේ...?"
"මම අහවල් ටීවී එකෙන්. අයියගේ ලයිව් ඉන්ටවිව් එක 10ට තියෙන්නෙ. පොඩ්ඩක් ඉක්මන් කරන්න. ප්ලීස් අයියා..."