කළ කළ දේ පල පල දේ
මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මියුසික් වීඩියෝවක් හදපු පුතෙකුට දිට්ඨධම්මවේදනීය කර්මයේ පල ඇස් පනාපිටම අත්දකිනවලු. ප්රවීණ වියපත් කලා ශිල්පියෙකුගේ ජීවිතයේ එක්තරා සිද්ධියක් පදනම් කොටගෙනයි අර මියුසික් වීඩියෝව හදලා තිබුණෙ.
දැන් පුතාගෙ තාත්තට ඒ වගේම දෙයක් වෙලාලු.
එහෙම කියන්නෙ අර වීඩියෝව හදපු පුතාලු.
පුතා එයාගෙ යාළුවන්ට කතා කර කර ෙදාස් නගනවලු තාත්තා ගැන කියලා.
“බලපං මචං තාත්තට 70ටත් ළඟයිනෙ. සුපර් මාකට් එකක වැඩ කරන අවුරැදු 22ක කෙල්ලෙක් සෙට් කරගෙන එයා මත්තෙම මැරෙන්න හදනවා. ඒ කෙල්ල දැන් මෙයාව ගණන් ගන්නෙ නැහැයි කියලා නොකා නොබී අඬ අඬා ඉන්නවා බං තාත්තා. මාර ලව්සික් එකක් ගහලා තියෙන්නෙ.”