කල හොඳ වෙනවලු
පාගමන නිසා උදම් වෙලා ඉන්න ඒකාබද්ධ කස්ටියගෙ එක්තරා කටකාර මන්ත්රී සයිස් මහත්තයෙක් ආණ්ඩුවෙ මහ ඇමැති මට්ටමේ කෙනෙක් පසුගියදා බස්නාහිර පළාතෙදි මුණගැහුනලු...
නිතර නිතර කොමිෂන්වලට එෆ්.සී.අයිඩියට යන හිටපු ඇමැති සයිස් මේ මහත්තය මහ ඇමැතිත් එක්ක සතර කන් මන්ත්රණේකට එක් වුණා කියලත් ආරංචියි. "ප්රසිද්ධ සභාවෙ මොන මොනව කියාගත්තත් කවදහරි අපට සළුවෙන්න නම් එකට යන්නම වෙනවා..." හිටපු ඇමැති සයිස් මහත්තයා කිව්වා...
“ඒක ඇත්ත. අපිත් කරන්නෙ දේශපාලනේ. දැනට ඔහොම යං." මහ ඇමැති සයිස් මහත්තය කෙස් අඩු හිස අත ගගා කීව.
“අපිට ප්රශ්නයක් නැහැ. ඒත් මේ හිරිහැර තමයි දිරවන්නෙ නැත්තෙ. නමුත් මොනව කරන්නද. වෙලාව එතකම් මෙහෙම යමු. අගෝස්තු මාසෙන් පස්සෙ අපේ කල හොඳ වෙනව. ජනවාරිවලින් පස්සෙ ඊටත් හොඳ වෙනවලු. ඒක හින්ද අපි කියන ඒව ඔයාල ගණන් ගන්නත් එපා. ඔයාලා කියන ඒව අපි ගණන් ගන්නෙත් නැහැ... කියපු හිටපු ඇමැති මහත්තය සතරකන් මන්ත්රණේ ඉවර කළාලු.