කකුලෙන් උඩට වැඩේ ගිහින්ලු
සිනමාවට සම්බන්ධ උත්සවයකට විවිධ අංශයන් නියෝජනය කරන කලා ශිල්පීන් ශිල්පිනියන් සහභාගී වෙලා හිටියා. තරැණ කැමරා ශිල්පියෙකුත් ඔහුගේ පෙම්වතියත් එක්ක ඒ උත්සවේට ඇවිත් හිටියා. එතනට ඇවිත් හිටිය ජනප්‍රිය තරැණ අධ්‍යක්ෂවරයකුට මේ කැමරා ශිල්පියා ඔහුගේ පෙම්වතිය හඳුන්වලා දුන්නා.
‘අයියා මේ මගේ ගර්ල් ප්‍රියන්ති.’ ඔහු ලජ්ජාවෙන් කිව්වා.
‘මොකා? උඹ ගිය සතියේ මට ගර්ල් කියලා හඳුන්වලා දුන්නෙ මෙයාව නෙමෙයිනේ?’
කෙල්ලගේ මූණ රතු වුණා. ඒත් අවට සිටි හැමෝම ඒක විහිළුවක් කියලා දැනගත්තා.
මිනිත්තු කීපයකින් අර කෙල්ල ළඟට ඇවිත් අධ්‍යක්ෂකවරයා මෙහෙම කිව්වා.
‘ඔය වගේ කතා ගණන් ගන්න එපා නංගී. ඕවා මෙතනින් උඩට ගන්න එපා.’ කියලා කකුල පෙන්නුවලු.
‘අනේ අයියේ ගන්න දෙයක් නැහැ. එතනින් උඩට ගිහින් තියෙන්නේ.’ කෙල්ල එහෙම කිව්වම හැමෝටම හිනා ගියාලු.