ඕවට නම් එන්න එපා හොඳේ
මේ දිනවල රෑපගත කරමින් තිබෙන දීර්ඝ ටෙලිනාට්‍යයක නළු නිළියො විශාල ප්‍රමාණයක් රඟපානවා. වේශ නිරෑපණය භාරව ඉන්නෙ ප්‍රවීණ ශිල්පියෙක්. මැදිවියේ පසුවුණත් මේ ශිල්පියා බාල මහලු කොයි කවුරැ එක්කත් සුහදව ගනුදෙනු කරන නිසා ඔහුට හැමෝම ගරැ කරනවා. ඒ නිසාම බයිට් වෙන අවස්ථාවල්ද නැතුව නෙවෙයි. ඔන්න ළඟදි දවසක මේ ශිල්පියා මේකප් කරගෙන ඉන්න අතරතුර තරැණ නළුවෙක් ඔහුගෙ ජංගම දුරකතනය ඉල්ලගෙන තියෙනවා.
ඒක අරගෙන ජනප්‍රිය නිළියො තුන් හතර දෙනෙකුට අසැබි පණිවිඩ කීපයක් යවලා සද්ද නැතුව ඒ ෆෝන් එක අංග රචනා ශිල්පියාට බාර දුන්නලු. ඒ පණිවිඩයක් ලැබුණු එක නිළියක් මේ ටෙලිනාට්‍යයේ පහුවදා උදේම වැඩට ආවලු. මේක්අප් එක දාගන්න ආවම අර ශිල්පියා සුපුරැදු විදිහට ගුඩ් මෝනිං කියලා ඇයව පිළිගත්තලු.
"අයියෙ මාත් එක්ක ඕවට විතරක් එන්න එපා හරිද? මීට පස්සෙ මට එහෙම මැසේජ් එවලා තිබුණොත් කෙළින්ම ඔයාගෙ ගෙදරට ගිහින් නෝනටයි ළමයින්ටයි පෙන්නනවා." ඇය එහෙම කියද්දි ඔහුට කිසිම දෙයක් තේරැම් ගන්න බැරිවුණාලු.