ඕං කුමාරත් කොණ්ඩෙ කැපුවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-05-06-ent-81පසුගිය කාලෙ අපේ අතිදක්ෂ රංගන ශිල්පියකු වන කුමාර තිරිමාදුර කොච්චර කාර්යබහුල වුණාද කිව්වොත් හුස්ම ගන්නවත් වෙලාවක් තිබ්බෙ නැහැලු.

කතාවට එහෙම කිව්වට හුස්ම නොගෙන ඉන්න බැහැනෙ. ඒත් වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය හා චිත්‍රපටවල රංගනය නිසා ඔහුගේ කොණ්ඩය බෙල්ල ගාවට වැවිලා තියෙන එකත් ඔහුට දැනිලා නැහැ. ඒ කියන්නෙ කොණ්ඩෙ කපාගන්නවත් බැරි තරමට &බිසී*.

ඔන්න පසුගිය දවසක චිත්‍රපට මුහුරත් උළෙලකට කුමාර ඇවිත් හිටියා. ඔහුගේ දිගට වැවුණ කොණ්ඩය ගැන බොහෝ අය ඔහුගෙන් විමසුවා.

"අද තමයි මේ දිග කොණ්ඩෙත් එක්ක මාව දකින අන්තිම දවස. මේ චිත්‍රපටයේ චරිතයට අද මගේ කොණ්ඩෙ කපනවා.* කුමාර ඒ උත්සවයට ඇවිත් හිටිය යාළුවන්ට කිව්වලු."

උත්සවය අවසානයේදී පැවැති තේපැන් සංග්‍රහයෙදිත් කුමාරගේ කොණ්ඩය ගැන මාතෘකාව යළි මතු වුණාලු.

"මේකනෙ වැඩේ. අපි කොණ්ඩෙ කැපුවට ඒකෙ කිසිම රහක් නෑ. හැබැයි නිළියක් එහෙම කොණ්ඩෙ කැපුවනම් පත්තරවල ලියන්න ඉඩක් නැති වෙයි. අපි ඉතිං නිළියො නෙවෙයිනෙ" කුමාර කියලා තියෙනවා.

ඕං කුමාරත් කොණ්ඩෙ කැපුවා කියලා අපි පත්තරේ දැම්මා හොඳේ. හැබැයි කුමාරට මොහොතකට අමතක වුණානෙ ඔහුත් පත්තරකාරයෙක් කියලා.

 

DESHAYA