ඔයාව ස්වර්ණා කරලයි පස්ස බලන්නෙ
මේ දවස්වල අලුත්ම ටෙලිනාට්‍යයක් රෑපගතකරමින් යනවලු බණ්ඩාරගම පැත්තෙ. අධ්‍යක්ෂණය කරන්නෙ දක්ෂ නිර්මාණ ෙව්දියෙක්. මේකෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ නවක නිළියක්ලු.
මේ නිළියගේ දක්ෂතාවයද මන්දා, අධ්‍යක්ෂකවරයා ඇය ගැන ඉන්නෙ පුදුම උනන්දුවකින්ලු, පුදුම උමතුවකින්ලු. මේ සෙට් එකේ වැඩ කරන හැමෝම ඒක දන්නවා. ඒත් මේ දෙන්නට මෙලෝ ගාණක් නැහැලු.
මේ නිළිය රඟපාන දර්ශන මොනිටර් එකෙන් බලං ඉන්න අධ්යක්ෂකවයාට ඇක්ෂන්, කට් කියන්නත් අමතක වෙනවලු.
"මම ඔයාව ස්වර්ණා මල්ලවආරච්චි කරලා තමයි පස්ස බලන්නෙ..." මේක තමයි අධ්‍යක්ෂකවරයාගේ කටින් නිතරම පිටවෙන වචනෙ.
මේ නිළිය නැති දර්ශන රෑපගතකිරීම් කරන්නෙ ඉතාම හදිසියෙන්ලු. මොකද සීන් එක ගත්ත ගමන්ම ඔහු නිළිය ඉන්න තැනට දුවගෙන යනවලු.
ඒකෙ වැඩ කරන අය කියනවලු හදන ටෙලියට වඩා මේ කතාව හරිම ෂෝක්ලු.
"ස්වර්ණා මල්ලවආරච්චි වගේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියකට කරන විශාල අගෞරවයක් නේද මේ," කියලා සමහරැ දර්ශන තලයේ කතා වෙනවලු. අනේද කියන්නෙ!