ඔයා මගේ ටේස්ට් එක නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-07-20-ent-133ඔන්න මේ ළඟදි චිත්‍රපටයක මුහුරත් උළෙලක් තිබුණා කොළඹ එක්තරා ශාලාවක. ක්ෂේත්‍රයේ අලුත් පරණ කලා ශිල්පීන් රුසකුත් ඒකට ඇවිත් හිටියා.

එතනට ඇවිත් හිටියා නව පරපුරේ කලා ශිල්පිනියකුත්. ආපු වෙලේ ඉඳං එතනදී මුණ ගැහෙන හැමෝටම එයා ළඟදි කරපු සිංදුවක් ගැන වර්ණනා කර කර කියනවලු. මේ අතර හිටියා තවත් අලුත් නළුවෙක්. එයා මේ තරැණ ශිල්පිනිය මුල් වරට හඳුනාගෙන කතා කළේ එදාලු.

උත්සවය ඉවර වෙලා තේ පැන් සංග්‍රහය අතරතුර මේ නලුවා අර කෙල්ලගෙන් එයාගෙ සින්දුව ගැන වැඩි විස්තර ඇහුවලු.

"ඉතිං ඒ සින්දුව දැන් චැනල්වල යනවද? කවුද මියුසික් කළේ?"

කෙල්ල කිසිම උත්තරයක් දුන්නෙ නැහැල්ලු.

"ඒ සින්දුව යූටියුබ් තියෙනවද?* කොල්ලා ආපහු අහනවා.

කෙල්ල අර නළුවා ළඟට ඇවිත් මෙහෙම කිව්වලු

"අයියෙ ඔයා මගේ ටේස්ට් එක නෙවෙයි"

 

DESHAYA