ඔයා කවුද?
සමහර පෞද්ගලික රෑපවාහිනී නාලිකාවල පෙන්නන සින්දු - චැට් වැඩසටහන්වලට එන අය බොහෝ අය මුල්වරට දකින්නෙ ඒ නාලිකාවල තමයි. ඒත් ඇවිල්ලා කියන වැල්බයිලා ටික නම් කියලා වැඩක් නෑ.
ඔන්න ඒ වගේ වැඩසටහනකට අපේ ජනප්‍රිය නළුවෙකුත් සහභාගිවෙලා තියෙනවා. හැබැයි ඒ වැඩසටහනට ඇවිත් ඉන්න එක කෙල්ලෙක්ව මෙයාට කොහෙත්ම නිච්චි නැහැල්ලු.
"නංගි ඔයා කවුද?" ඔහු අහලා තියෙනවා.
"මම ඇක්ට්‍රස් කෙනෙක්..."
"මොන ෆිල්ම් එකේද හිටියෙ.."
"ෆිල්ම් නෙවෙයි අයියෙ.."
"එහෙනම් ටෙලිනාට්‍යවලද?"
"නැහැ අයියෙ..."
"එහෙනම්?"
"අයියෙ කටුනායක ගුවන්තොටුපොළින් කොළඹ පැත්තට එනකොට සීදුව හන්දියට කලින් තියෙන ලොකු කටවුට් එකේ ෆ්‍රිජ් එකක් අල්ලගෙන ඉන්නෙ මමනෙ..."
"ආ... ඇත්තද...?" ඔහු එතනින් එහා කිසිම දෙයක් කිව්වෙ නැහැ. වැඩසටහන මෙහෙයවන්නා ඒ නංගිව හඳුන්වලා දුන්නා.
"ලංකාවෙ වගේම පිටරට ඉන්න ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙ ආදරය හා ගෞරවය දිනාගත් ....... ආයුබෝවන් ඔබට..."
"ආයුබෝවන් අයියෙ..."