ඒක රහස් කතාවක්ලු....



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-01-ent-01මිනිපුරේ පැත්තෙන් දියවන්නාවට ආපු සොයිසා උන්නැහේලා දැන් ඉන්නෙ ඒකාබද්දෙට සැට්වෙලා හිටපු ලොකු තැනත් එක්ක...

ඉතින් මේ ආණ්ඩුවට හොඳක් නොකියන සොයිස උන්නැහේට පසුගියදාක තමන්ගෙම පක්ෂයෙ වුණත් ආණ්ඩුවෙ ඉහළම පට්ටමක් දරන මහත්තයෙක් හම්බවුණා කියමුකො...

රටේ තොටේ තත්ත්වය ගැන කතා කරල හෙමින්ම කතාව දේශපාලනේ පැත්තට හැරෙව්ව....

ඊළඟට යහපාලන රජය ගැනලු කතාවුණේ. එතන කතාවුණ හුඟක් දේවල් ලියන්න අමාරැයි. ඒ වුණත් මේ දීගෙ කොච්චරකල් යනවද කියල අහපු ප්‍රශ්නයට හිනාවෙලා අපූරැ උත්තරයක් දුන්නලු....

ඊට පස්සෙ එක්තරා දේශපාලන පක්ෂයක පාටක් ගැන කියල ඒ පාටින් තියෙන පක්ෂය ගැන තමන්ගෙ කියන අයකුටත් ප්‍රකාශ කළාලු....
ඊළඟට ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දේශපාලන ග්‍රහමාරැ ගැනත් අදහස් හුවමාරැ වෙලා තියෙනව. මේ කතාබහ ගැන එළියට ආවෙ නැති රහස් ගණනාවක් හිටපු ලොකු තැන නම් දන්නව කියලත් ආරංචියි.

 

DESHAYA