ඒ වැඩ වානා
ආණ්ඩුවෙ බලවත් ඇමැති සයිස් මහත්තයකුට රටේ ඉහළම මන්දිරේක ඉන්න ලොකු මහත්තයකුගෙන් කැඳවීමක් ලැබුණා...
ඒ කැඳවීම ලැබුණේ පහුගිය දවසක ආණ්ඩුව එක්තරා කර්මාන්තයකට පනවපු බදු හා ගාස්තු වගයක් ගැන ප්රශ්න කරන්නයි... සමාගම් දෙක තුනකට විතරක් වාසි වෙන විදියට පොඩි සමාගම්වලට අමාරැ වෙන විදියට මේ බදු හා ගාස්තු පනවල කියලයි ප්රශ්නය විමසපු ලොකු මහත්තයට ලැබිල තිබුණ පැමිණිලිවල සඳහන් වුණේ. ඒ ගැන ඇමැතිතුමාගෙන් විමසපු ලොකු මහත්තයා එයාට ටිකක් තදින් සැර භාෂාවෙන් කතා කළාලු.
එක පිරිසකට වාසි වෙන්නත් තව පිරිසකට අවාසි වෙන්නත් නීතිරීති දාන එක අනුමත කරන්න බැහැ කිව්ව ලොකු මහත්තය වහාම මේ තත්ත්වය වෙනස් විය යුතුය කියල නියමයකුත් කළාලු... හොඳමයි සර් කියල ආපසු ආපු ඇමැති මහත්තය ඉහළින් ලැබුණ අණ පරිදි ක්රියා කරන්නය කියල තමන්ගෙ නිලධාරින්ට දැනුම් දුන්න... මේ නිසා ඒ කර්මාන්තය තුළ වැජඹෙන්න හිටපු දෙන්නෙක් හොඳටම අප්සෙට් වුණා කියලා දැනගන්න තියනව.