එහෙනම් මම ඇන්ජලින් ගෙන්නනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-10-01-ent-01මේකත් අතීතයේ සිනමාවට සම්බන්ධ රසවත් කතාවක්. හැත්තෑව දශකය තමයි සිංහල සිනමාවෙ ස්වර්ණමය යුගය හැටියට සැලකෙන්නෙ. ඒ යුගයේ හොඳ චිත්‍රපට හැදුනා වගේම සිනමාවට සම්බන්ධ වෙලා හිටියෙ හැම ජාතියකටම අයත් සුන්දර මිනිස්සු.

ඔන්න එක්තරා චිත්‍රපටයක ක්‍රියාදාම දර්ශනයක් රෑපගත කරන අතරතුර එහි සටන් නළුවෙකුගෙ අත කැපුනලු වීදුරැවකට. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ප්‍රබල චරිතයක්. ඔහු වහාම ළඟම තියෙන රජයේ රෝහලට මේ තුවාලකරැවා පිටත් කළාලු.

ඉස්පිරිතාලෙට ගියාම නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලා මෙයාව වටකරගෙන ප්‍රශ්න කරළලු.

ඔයාලෙ උසේ තරමට එපායෑ වැඩ කරන්න. බැරි වැඩ කරන්න ගිහින් දැක්කා නේද කරගත්තදේ?" දැන් එක් එක්කෙනා අවවාද දෙනවා මිසක් ප්‍රතිකාර කරන්නෙ නැහැලු. අඩුම ගානෙ මැහුම් 10ක් 12ක් වත් දාන්න වෙන කැපුමක්.

"අනේ නර්ස් නෝනා ඉක්මනට මැහුම් දානවද නැත්ත මම මහත්තයට කියලා මෙතෙන්ට MSව ගෙන්නන්නද?" කියලා ඔහු කිව්වලු. අයියෝ ඉතිං ඕක මහ දෙයක්ද? ඔයා MSව ගෙන්නුවොත් අපි මෙතෙන්ට ඇන්ජලීන්ව ගෙන්නන්නම්කො," නර්ස් නෝනා උත්තර දුන්නලු.

ඔහු MS කියලා තියෙන්නෙ Medical Superintendent (සෞඛ්‍ය අධිකාරී)ට.

 

DESHAYA