එයා හිටියෙ මෝටර් බයිසිකලේලු
පසුගියදා චිත්රපට අධ්යක්ෂවරයෙක් කිසියම් අවශ්යතාවයකට ඔහුගේ මිතුරෙකුට දුරකථනයෙන් කතා කළාට ප්රතිචාරයක් තිබුණෙ නැහැලු. ඊට පැය කීපයකට පසුව ඒ මිතුරා අධ්යක්ෂකවරයාට කතා කළා. එවිට ඔහුගෙන් ප්රතිචාරයක් ලැබුණේ නැහැලු. බැරිම තැන, ඔහු අධ්යක්ෂකවරයාගේ බිරියට කතා කළාලු.
“අනේ බලන්නකො අයියා මට කතා කරද්දි මම මෝටර් බයිසිකලේ බලාගෙන හිටියෙ, ඒ නිසයි ගන්න බැරිවුණේ. හදිස්සියකටද දන්නෙ නැහැ කතා කළේ.”
“හා දැන් නම් එයා බාත්රෑම් එකේ. එළියට ආවහම කියන්නම්.” ඇය කිව්වලු. ඔහු නාන කාමරයෙන් එළියට ආ විගසම මැය සැමියාට පණිවිඩය දුන්නලු.
“ඔයාගෙ යාළුවා දැන් කතා කළා. ඔයා කෝල් එක ගන්නකොට එයා හිටියෙ මෝටර් බයිසිකළේලු. ඒ නිසාලු ගන්න බැරිවුණේ.”
ටික වෙලාවකින් මිතුරාට ඇමතුමක් ගෙන කතා බහ අවසන් වුණාට පස්සෙ අධ්යක්ෂකවරයා මහ හඬින් හිනාවෙනවලු.
“මොකෝ මේ පිස්සෙක් වගේ තනියම හිනාවෙවී ඉන්නෙ” බිරිය ඇහුවලු.
“පිස්සු හැදෙනවා සුදා ඔයාගෙ කතාවලට. මම කෝල් කරනකොට මගේ යාළුවා ඉඳලා තියෙන්නෙ මෝටර් බයිසිකලේ නෙවෙයි, එයා හෝල් එකේ මෝටර් බයිසිකල් ෆිල්ම් එක බල බලා ඉඳලා තියෙන්නෙ.....”