එයා බබාලු...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-09-24-ent-07මෑතකදී කලා ලෝකෙ කවුරැත් දන්නා හඳුනන එක්තරා ප්‍රවීණයෙක්ගෙ උපන් දිනය යෙදිලා තිබුණා. තාමත් කොල්ලා වගේ නිසා වයස අනුමාන කරන්න බැහැ, ඔහු කියන්නෙත් නැහැ. ඔහුගේ උපන් දිනේ සතුට බෙදාගන්න ඔහු හිතවත්ම යාළුවො දහ දොළොස් දෙනෙකුට තරැ පහේ හෝටලේක දිවා ආහාරයක් දුන්නලු.

ඔන්න දැන් හැමෝම සතුටු සාමීචියේ යෙදිලා කෑම කන්න පටන් ගත්තලු. ටික වෙලාවක් කෑමත් සමඟ හරඹ කරමින් සිටි මේ කට්ටියට මතක් වුණාලු උපන් දින කුමාරයාව. ඔහු පේනතෙක් මානෙක හිටියෙ නැහැල්ලු. මේකත් තරැ පහේ ලණුවක්ද දන්නෙ නැහැ කියලා කට්ටිය කලබල වුණාලු. ඔන්න ඔහොම ඉන්න කොට අතරැදන් වූ උපන්දින කුමාරයා එතනට ආවලු. ඔහු උපන් දින කේක් කපන්න වෙනත් තැනක් ලෑස්ති කරන්න ගිහින් තියෙන්නෙ. කේක් එකට පත්තු කරලා තියෙන්නෙ ඉටිපන්දම් දෙකක්. එයා ඉතිං බබානෙ.

 

DESHAYA