එයා ඉන්නවනම් අපි යමු...



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20160324-ent-01පසුගියදා අපවත්වුණ මහානායක හාමුදුරැවන්ගෙ ආදාහන උස්සවේ දවසෙ ආණ්ඩුවෙ පට්ටමක් දරන උඩරට පළාතේ ඇමැති මහත්තයෙක් අස්ගිරි පන්සලට සම්ප්‍රාප්ත වුණා.

හොඳ කටක් කියන මුන්නැහේ පන්සලට ඇවිත් ඇතුළට යන ගමන් එතන හිටපු කෙනෙක් ගෙන් ඇහුව කව්ද උන්නැහේ ඇතුළෙ ඉන්නෙ කියලා..
ඒ පාර කිව්ව දැන් ඇතුළෙ ඉන්නෙ හිටපු ලොකුමහත්තය විතරයි කියලා..

ඒ කතාව ඇහුව විතරයි මේ ඇමැතිතුමා ඉද්ද ගැහුවා වගේ නැවතුණා..

"හපොයි උන්නැහේ හම්බවුණොත් මට හොඳවයින් දෙකක් අහගන්න පුළුවනි. ඒක නිසා අපි ආපහු යමු. කියපු ඇමැතිතුමා ඉක්මන් ගමනින් දුවගෙන වගේ ඇවිත් නැවතත් තමන්ගෙ නිලරථයට නැග්ග.. නැගපු ගමන් ඩ්‍රයිවර්ට කිව්ව එතන කරදරයි. අපි ආදාහන පළට යමු.. ඉක්මන් කරන්න.. කියලා... ඒ ගමන ඇමැති නිලරථය අස්ගිරිය ක්‍රිඩාංගණයට ඉගිළුණා.

 

DESHAYA