එතුමා අලියා පිට නගීද?
ආණ්ඩුවෙ ඉන්න බුලත්කොළ පාටියෙ ලොකුම පට්ටමක් තියන ලොකු මහත්තයෙක් අලි පාටිය පැත්තට ඉව අල්ලන්න පටන් අරන් කියල තිරය පිටිපස්සෙ කතාවක් යනව.
ඈත දුර පළාතක් නියෝජනය කරන මුන්නැහේ පහුගිය ඡන්දවලදි බුලත් කොළෙන් සටන් කරල ආසනේ ගොඩදාගන්න බැරි වුණ ලොක්කෙක්...
කලක් ආණ්ඩුවෙ ඉහළම තනතුරැ බලාගෙන හිටපු මෙතුමා ළඟදි දේශපාලනඥයන්ට වාසනාව උදාවන ආකාරය ගැනත් කතාවක් කළාලු... ඉතින් පහුගිය ටිකේම පළාත් සංවර්ධන කටයුතුවලදි මුන්නැහේ වැඩ කළේ අලි පාටියෙ ලොකු මහත්තයෙක් එක්ක කියල තතු දත් අය කියනව.
මෙයට ටික කලකට කළින් තමන් නම් නැවත ඡන්ද ඉල්ලන්න අදහසක් නැහැ කියලා මැති සබා ලොබියෙ කිය කිය හිටිය මෙතුමා දැන් වාසනාව උදා කරගන්න හදන්නෙ අලියගෙ වලිගෙ එල්ලිලාද කියල කට්ටිය බලාගෙනයි ඉන්නෙ. මුන්නැහේගෙ දිස්තිරික්කෙ එතුමා එක්ක ප්රතිවාදීව සටන් කරපු අලි පාටියෙ කටකාරයටත් මෙතුමා එක්ක ගැටෙන්න එපා කියල අවවාද ලැබිලලු.