උරැම රුකිල්ල
මේ කතාව නිලමෙ කෙනෙක් ගැන. තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගෙන් හුඟක්ම බලවත් හුඟක් අනුහස් ඇති දේවාලයක් භාරවයි මුන්නැහේ ඉන්නෙ. උන්නැහේට ඒ පට්ටම ලැබුණෙත් මෑතකදි...
මුහුණ ගණනාවක් අත් ගණනාවක් ඇති බලවත් දෙවිතුමෙක්ගෙ ගිහි භාරකාරය නිසා උන්නැහේ වැඩකරන්නෙ තමන්ටම හිතෙන හැටියට කියල පළාතෙ පන්සල්වල නායක හාමුදුරැවන් කියනව.. උන්නෑහේ මෑතක සිට කරන්න පටන් ගත්ත එක්තරා ඩෝසර් කිරිල්ලක් හින්ද පළාතෙ ආගමික නායකයො විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාවත් කුලප්පු වෙලාලු.
අක්කර පනහක් විතර විශාල ඉපැරණි ඔසු උයනක් උන්නැහේගෙ අණසක පරිදි හිතුමතේ ඩෝසර් යන්ත්‍රවලින් සුන්බුන් කරනවය කියලයි චෝදනාව නැගෙන්නෙ. ආණ්ඩුව සංරක්ෂණය කරපු කලාපයක් වුණත් දෙවි දේවතාවුන් එක්ක ළඟින් ගනුදෙනු කරන මුන්නැහේ කරන මේ වැඩේ නතර කරන්න බලවත් අය අදිමදි කරනවලු...
උරැමෙ රකින්න කියල ආපු උදවිය මේ විදියට උරැමෙට නරැමයක් වෙන්න ගියොත් පළාතෙ ජනතාව නිකම් ඉන්න එකක් නැහැ කියලයි අපට ආරංචි.