උපහාරයද? අපහාසයද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-29-ent-10ඔන්න පසුගියදා අපේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්, තිරකතා රචකයෙක්, ගායකයෙක් හා බොක්ස් ඔෆිස් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට දිදුලන තරැ පායන රුයක් අතරතුරදී සිනමාවට දැක්වූ ඔහුගේ නොමසුරැ දායකත්වය වෙනුවෙන් උපහාර අගැයුම් සම්මානයක් ලැබුණලු.

නම නොකියා ඉන්න අවශ්‍ය නැහැනෙ. ඔහු තමයි රෝයි ද සිල්වා.

වසර 52ක් මුළුල්ලේ අඛණ්ඩව සිනමාවේ ක්‍රියාශීලීව නියැලිලා ඉන්න ප්‍රවීණ ශිල්පියා ඒ සම්මානය ලබාගත්තෙ දහස් සංඛ්‍යාත අයගේ අත්පොළසන් හඬ මැද.

පහුවදා ඒ සම්මානය ගැනත් රෝයි ද සිල්වාගේ සිනමා අත්දැකීම් ගැනත් ලියන්න මාධ්‍යවේදියෙක් ඔහුගේ ගෙදරට ගියාලු.

මෙන්න බොලේ රෝයි සහ සුමනා ඒ සම්මානය හැම අතටම පෙරළා පෙරළා මොනවදෝ හොයනවලු. රෝයි ඉතින් කවදත් විහිළුකාරයා නිසා කට්ටිය හිතුවෙ මේක රෝයිගෙ තවත් ජෝක් එකක් කියලා.

පස්සෙ බැලින්නම් සිරා සීන් එකක්. සම්මානෙ කිසිම තැනක මේක ලබාදෙන කෙනාගෙ නමවත් මේක ලබාදෙන හේතුවවත් සඳහන් කරලා නැහැ.
ඕක පෙරළා පෙරළා බලලා තියෙන්නෙ ඒ නිසයි.

"මගේ ජීවිතේ පළමුවැනි වතාවට තමයි මේ වගේ අනාථ සම්මානයක් මට ලැබුණෙ", ඔහු සිනාවෙමින් කිව්වා.

ඒත් ඒ මාධ්‍යවේදියා නම් අහන්න ගියේ මේක උපහාර සම්මානයක්ද? නැත්නම් අපහාස සම්මානයක්ද? කියලයි.

 

DESHAYA