උන්නැහේ සද්ද නැහැ
පසුගියදාක දියවන්නා කවුන්සිලේ තිබුණ එක්තරා ඡන්දෙකදිත් විවාදයකදිත් උඩ බලාගෙන කෙළගහන්න බැහැ කියල මාරැ වෙලා ගිය ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවලු... තමන්ට භාර විෂයටත් අදාළ විවාදයක් ගැන උන්නැහේ හිටියෙ අයින් ගහලලු.
පසුගිය දවස්වල ඉතාමත් ඉහළ තනතුරැ ගැන නම කියැවුණු මේ ඇමැතිසයිස් මහත්තය මේ දවස්වල ඉන්නෙ "නිශ්ශබ්ද විලියම්" වගේලු... මේ නිහඬ බවට හේතුව සොයාගන්න හුඟක් දෙනා උත්සාහ කළත් උන්නැහේ දිගටම සද්ද බද්ද නැතුව ඉන්න මොකද කියන එක කාටත් ප්‍රශ්නයක්ලු.
තමන්ගෙ බලාපොරොත්තු දිගින් දිගටම කඩවීම නිසා උන්නැහේ නැවත ඡන්ද කරන්න ආසාවක් නැතැයි කියලත් පසුගියදාක බදුල්ල පැත්තෙදි කිව්ව කියල ආරංචියි.